නුගේගොඩ රැළියට සවිකරපු ලවුඩ්ස්පීකර් පොලිසියෙන් ගලවයි (වීඩියෝ)

විපක්ෂ විසින් අද (21) නුගේගොඩ රැළිය සඳහා සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට බාධාඑසත් ඇතිවන ආකාරයට එම ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයේ සවිකර තිබීමේ හේතුවෙන් ඒවා ඉවත් කිරීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

මේ අතර පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණේ රැළිය පවත්වන ස්ථානයට යාබදව උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසයි.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී මෙම මහජන රැළිය පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
13
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?