නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන ආ භාණ්ඩ ‍තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය, මොහොත්තුවාරම් මුහුදු තීරයේ ඊයේ (03) සවස් කාලයේ කුඩා යාත්‍රා යොදවා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම මෙහෙයුමේදී මොහොත්තුවාරම් වෙරළට පැමිණ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස විදෙස් රටකින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැ‍ගෙන එන ලද බවට සැකකෙරෙන වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 15ක්, එනසාල් කිලෝග්‍රෑම් 01 ක්, වියලි කජු මද කිලෝග්‍රෑම් 14ක්, සහල් කිලෝග්‍රෑම් 10ක්, සීනි කිලෝග්‍රෑම් 248ක්, තිරිගු පිටි කිලෝග්‍රෑම් 100ක්, කරවල කිලෝග්‍රෑම් 03ක්, කෝපි අඩංගු ඇසුරුම් 270ක්, රූපලාවන්‍ය නිෂ්පාදන ඇසුරුම් 680ක් සහ සබන් කැට 2930ක තොගයක් හමුවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක සහ එම භාණ්ඩ ‍‍තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?