නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 09ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 168ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම, වංකාලේ, අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

නාවික හමුදාව පසුගිය 2022 වර්ෂය තුල සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස අල්ලා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් 18369ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 126ක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?