නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 09ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාවක් සහ මුහුදු කූඩැල්ලන් 168ක පමණ තොගයක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව මන්නාරම, වංකාලේ, අච්චාන්කුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද අළුයම් කාලයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී යි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

නාවික හමුදාව පසුගිය 2022 වර්ෂය තුල සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස අල්ලා ගන්නා ලද මුහුදු කූඩැල්ලන් 18369ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 126ක් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08