Indian Premier League

නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 07ක් අත්අඩංගුවට

සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 7 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (13) අළුයම වයඹ නාවික විධානය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 07 දෙනා සමඟ මුහුදු කූඩැල්ලන් 874ක්, කිමිදුම් උපකරණ සහ එම ඩිංගි යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 48 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන්, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?