නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 07ක් අත්අඩංගුවට

සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 7 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අද (13) අළුයම වයඹ නාවික විධානය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් 07 දෙනා සමඟ මුහුදු කූඩැල්ලන් 874ක්, කිමිදුම් උපකරණ සහ එම ඩිංගි යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 48 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරුවන්, ඩිංගි යාත්‍රා, මුහුදු කූඩැල්ලන් සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14