නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු 53ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පනස් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් සමග ඩිංගි යාත්‍රා 13ක්, එක්දින ධීවර යාත්‍රාවක්, කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

පසුගිය 09 වන දින සිට ඊයේ (15) වන දින දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

පසුගිය 9 වන දින උදෑසන කාලයේදී, මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස විසිතුරු මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සමඟ විසිතුරු මසුන් 325ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

පසුගිය 10 වන දින උදෑසන, යාපනය, පුංගුඩුතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 119ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පෙබරවාරි 11 වන දින අළුයම, මන්නාරම, නරිවිල්කුලම් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ද නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 78ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 13 වන දින අළුයම් කාලයේදී, යාපනය, පලෛතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී, මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 163ක පමණ තොගයක්, හක් බෙල්ලන් 57ක්, ඩිංගි යාත්‍රා දෙකක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 14 වන දින අළුයම යාපනය, කල්මුණේ තුඩුව මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 24 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 509ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රා තුනක්, එක්දින ධීවර යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, පසුගිය 14 වන දින රාත්‍රියේ සහ, ඊයේ (15) වන දින අළුයම් කාලයේදී, දිවයිනට ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඩිංගි යාත්‍රා පහක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඉදිරි නීතීමය කටයුතු සඳහා අදාළ ප්‍රදේශයන්හී ධීවර පරික්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?