නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු 53ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් පනස් තුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් සමග ඩිංගි යාත්‍රා 13ක්, එක්දින ධීවර යාත්‍රාවක්, කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව කියාසිටියේ.

පසුගිය 09 වන දින සිට ඊයේ (15) වන දින දක්වා සිදු කළ සෝදිසි මෙහෙයුම් මඟින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

පසුගිය 9 වන දින උදෑසන කාලයේදී, මන්නාරම, අච්චානකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස විසිතුරු මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සමඟ විසිතුරු මසුන් 325ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

පසුගිය 10 වන දින උදෑසන, යාපනය, පුංගුඩුතිව් මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 119ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පෙබරවාරි 11 වන දින අළුයම, මන්නාරම, නරිවිල්කුලම් මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ද නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 78ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම පසුගිය 13 වන දින අළුයම් කාලයේදී, යාපනය, පලෛතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී, මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 163ක පමණ තොගයක්, හක් බෙල්ලන් 57ක්, ඩිංගි යාත්‍රා දෙකක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 14 වන දින අළුයම යාපනය, කල්මුණේ තුඩුව මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 24 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 509ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රා තුනක්, එක්දින ධීවර යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, පසුගිය 14 වන දින රාත්‍රියේ සහ, ඊයේ (15) වන දින අළුයම් කාලයේදී, දිවයිනට ඊසාන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි පුද්ගලයන් 11 දෙනෙකු ඩිංගි යාත්‍රා පහක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, කිමිදුම් උපකරණ, ධීවර ආම්පන්න, නීති විරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින්, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඉදිරි නීතීමය කටයුතු සඳහා අදාළ ප්‍රදේශයන්හී ධීවර පරික්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කළ බවයි නාවික හමුදාව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25