AFC Banner
AFC Banner
Empty Ad

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්වල නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතී වීරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන චෝදනා යටතේයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සමග මුහුදු කූඩැල්ලන් 669ක්, ඩිංගි යාත්‍රා 6ක්, කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟිනුයි, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකර ඇත්තේ.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 42 ත් අතර වයසේ පසුවන කල්පිටිය, මුල්ලියාන් සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?