නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 18ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්වල නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීතී වීරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතී වීරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීම, වලංගු බලපත් රහිතව ධීවර කටයුතු සිදු කිරීම සහ බලපත් රහිතව අනුමත සීමාව ඉක්මවා කිමිදුම් උපකරණ තබා ගැනීම යන චෝදනා යටතේයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සමග මුහුදු කූඩැල්ලන් 669ක්, ඩිංගි යාත්‍රා 6ක්, කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟිනුයි, යාපනය වෙත්තලකේනි, කදයිකාඩු, මාමුනෙයි සහ කුඩාරප්පු ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්ගේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකර ඇත්තේ.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 42 ත් අතර වයසේ පසුවන කල්පිටිය, මුල්ලියාන් සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40