නීති විරෝධීව ගෙන්වූ සැප වාහන දෙකක් බණ්ඩාරගමින් අල්ලයි

නීති විරෝධීව මෙරට ගෙන්වා එකලස් කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් බණ්ඩාරගම ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහන දෙක කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම රථය නීත්‍යානු ලෙස ලියාපදිංචි කර පරිහරණය කරන වාහනයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් භාරයට ගත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවට ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34