නීති විරෝධීව මෙරට ගෙන්වා එකලස් කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් බණ්ඩාරගම ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම වාහන දෙක කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම රථය නීත්‍යානු ලෙස ලියාපදිංචි කර පරිහරණය කරන වාහනයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර පොලිස් භාරයට ගත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවට ද අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





