AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි ඊයේ (28) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 25ක් ඩිංගි යාත්‍රා 5ක් සමගින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් සිදුකළෙ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තටාකාංගනය හා ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතන මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ ධිවරයින් දහතුන් දෙනෙකු 13ක් සමග ඩිංගි යාත්‍රා දෙකක් 02ක් නාවික හමුදා භාරයට ගැනීම ද කටයුතු කර තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 43 ත් අතර වයසේ පසුවන කින්නියා, එරක්කන්ඩි සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබුණා.

එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?