නීති විරෝධි ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයෙහි ඊයේ (28) දින සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පුද්ගලයින් 25ක් ඩිංගි යාත්‍රා 5ක් සමගින් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් සිදුකළෙ සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල ධිවරයින් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම, එදිනම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තටාකාංගනය හා ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතන මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ ධිවරයින් දහතුන් දෙනෙකු 13ක් සමග ඩිංගි යාත්‍රා දෙකක් 02ක් නාවික හමුදා භාරයට ගැනීම ද කටයුතු කර තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 43 ත් අතර වයසේ පසුවන කින්නියා, එරක්කන්ඩි සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබුණා.

එම සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ කොඩ්බේ ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08