AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් වටලයි – සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙකු අද (16) පස්වරුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් වටලා, එහි හිමිකරු සමග එහි තිබූ ලේඛන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනුණා.

අප වාර්තාකරු පැවසුවේ; මොහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

මීගමුව, කොච්චිකඩේ නගර කේන්ද්‍ර කරගනිමින් මෙම නීතිවිරෝධී රැකියා නියෝජිත ආයතනය සැකකරු විසින් පවත්වා ගෙන යමින් සිට තිබෙනවා.

මොහු සංචාරක වීසා බලපත්‍ර යටතේ එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 350,000 ත් 550,000 ත් අතර මුදලක් ලබා ගෙන ඩුබායි වෙත පුද්ගලයන් 400 ක් පමණ මේ වනවිට විදේශගත කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

සැකකරුගේ කාර්යාලය තුළ වූ ලිපි ගොනු අතර විදේශගත වූවන්ගේ තොරතුරු ඇතුළත් ලේඛන 07ක්, රැකියා ගිවිසුම් ගොනු 134 ක්, වීසා පිටපත් ඇතුළු තවත් ලිපි ගොනු රාශියක් සොයා ගැනුණා.

සැකකරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර හෙතෙම එළඹෙන 23 තෙක් රක්ෂිත බන්ධනාගාරත කිරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?