Update – වෙන්නප්පුවේ දී නීතිවිරෝධී මත්පැන් විෂ වී මියගිය ගණන ඉහළට (ඡායාරූප)

වෙන්නප්පුව, වයික්කාල තඹරල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් මියගිය බවට බවට සැක පුද්ගලයින් ගණන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් දෙදෙනකු මාරවිල රෝහලේ දී මියගොස් ඇති අතර, තවත් තිදෙනෙකු ප්‍රදේශයේ නිවසක සහ නවාතැන් පොළක මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එසේම මෙම නීතිවිරෝධී මත්පැන් පානය කළ බවට සැක පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Update – Tuesday, January 6, 2026, 12.01 PM

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

වයික්කාල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කළ පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරැ වාර්තා වුණේ.

මින් දෙදෙනෙකුගේ සිරුරු වයික්කාල ප්‍රදේශයේ නවාතැන්පොළක තිබී සොයාගෙන ඇති අතර, තවත් එක් පුද්ගලයෙකුගේ සිරුර එම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් තිදෙනා අනුරාධපුර, ඩයගම සහ වයික්කාල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් වයස අවුරුදු 53 සහ 28 යන වයස්වල පසුවන්නන්.

මේ අතර නීතිවිරෝධී මත්පැන් පානය කළ තවත් තිදෙනෙක් රෝගී වී මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?