Update – වෙන්නප්පුවේ දී නීතිවිරෝධී මත්පැන් විෂ වී මියගිය ගණන ඉහළට (ඡායාරූප)

වෙන්නප්පුව, වයික්කාල තඹරල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් මියගිය බවට බවට සැක පුද්ගලයින් ගණන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් දෙදෙනකු මාරවිල රෝහලේ දී මියගොස් ඇති අතර, තවත් තිදෙනෙකු ප්‍රදේශයේ නිවසක සහ නවාතැන් පොළක මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එසේම මෙම නීතිවිරෝධී මත්පැන් පානය කළ බවට සැක පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මේ වනවිට මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Update – Tuesday, January 6, 2026, 12.01 PM

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

වයික්කාල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කළ පුද්ගලයින් තිදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරැ වාර්තා වුණේ.

මින් දෙදෙනෙකුගේ සිරුරු වයික්කාල ප්‍රදේශයේ නවාතැන්පොළක තිබී සොයාගෙන ඇති අතර, තවත් එක් පුද්ගලයෙකුගේ සිරුර එම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හමුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් තිදෙනා අනුරාධපුර, ඩයගම සහ වයික්කාල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් වයස අවුරුදු 53 සහ 28 යන වයස්වල පසුවන්නන්.

මේ අතර නීතිවිරෝධී මත්පැන් පානය කළ තවත් තිදෙනෙක් රෝගී වී මාරවිල රෝහලට ඇතුළත් කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
3
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26