නීතිවිරෝධීව දුම්වැටි ආනයනය කළ ලාංකිකයෙක් ඇතුළු 6ක් මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා විසින් මෙහෙයවා ඇති බව කියන මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තවත් අයෙකු මෙල්බන් නුවර සුප්‍රසිද්ධ අපරාධ පවුලකට සම්බන්ධකම් ඇති අයෙක් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වී ඇති අනෙක් සැකකරුවන් 5 දෙනා අවුරුදු 31, 35 සහ 40 වයස්වල පසුවනවා.

පසුගිය 3 වනදා දේශසීමා බලකා නිලධාරීන් විසින් මෙම දුම්වැටි සොයා ගෙන ඇති අතර වියට්නාමයේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධී ලෙස මෙම දුම්වැටි ආනයනය කර ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

අදාළ දුම්වැටි තොගයෙහි වටිනාකම ඩොලර් මිලියන 15 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වසරකට රට තුළට නීති විරෝධීව රැගෙන එන ඩොලර් බිලියන ගණනක් වූ දුම්වැටිවලින් ඉතා කුඩා කොටසක් පමණක් බවයි.

බලධාරීන් පැවසුවේ, නීතිවිරෝධී දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ගෙන ඒමට අපරාධ කණ්ඩායම්වලට උදව් කළ භාණ්ඩ ප්‍රවාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සේවාවලින් ඉවත් කර තිබීම හමුවේ මෙම අත්අඩංගුවට ගැනීම විශේෂ වන බවයි.

බට්ටුවත්තේ ගමගේ ගිහාන් ද සිල්වා නම් 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයා මෙම දුම්වැටි ආනයනය පිටුපස සිටින අතර භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තය පිළිබඳ ඔහුගේ දැනුම භාවිතා කරමින් ආනයනය සැලසුම් කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

සැකකරුවන්ට දුම්වැටි ආනයනය සම්බන්ධයෙන් වසර 10ක සිරදඬුවමකට මුහුණ දීමට සිදු වනු ඇති බව සඳහන්.

සැකකරුවන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළ නඩුව ලබන ජූලි මාසය දක්වා කල් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හැ#පිලා බලමු - නාමල්ගෙන් සත්තමක්..සජිත් රනිල් එකතු වෙන්න ඕනේ කියලා හැමෝටම කළින් කිව්වේ මම තමයි
02:52
Video thumbnail
ජොහාන්, ඩග්ලස් බලන්න මහරට ගිය නාමල්ගෙන් සැර කතාවක්.."මාව අත්අඩංගුවට ගත්තා කියලා මගේ ගමන නවත්තන්න බෑ"
07:46
Video thumbnail
වෙනිසියුලාවේ ජනපති සහ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට ගනී
00:49
Video thumbnail
හරිනි වහාම ඉල්ලා අස්වෙන්න - අධ්‍යාපනයේ මළගම ලියලා ඉවරයි
05:45
Video thumbnail
රු.25000 නොලැබීම නිසා ගම්මු කුපිත වෙයි.."ජනාධිපති දෙන්න කිව්ව ඒවා මෙයාලා දෙන්නේ නෑ.."
12:36
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම
00:35
Video thumbnail
ආණ්ඩුව දැන් ගුරුවරුන්ට ශොට් එක දෙන්නයි හදන්නේ
03:26
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17


?