AFC Banner
AFC Banner
Empty Ad

නීතිවිරෝධීව මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

නීතිවිරෝධී අයුරින් මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා 32,000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය දේශපාලන පක්ෂ කාර්යාලයකට වාහනයකින් රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කල්මුණේ පොලිස් වසමට අයත් කාසිම් පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරුණු පක්ෂයක කාර්යාලයකට මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වුණේ.

අම්පාර දිස්ත්‍රික් මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ඡන්ද පත්‍රිකා තොගය ඊයේ (07) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ඡන්ද පත්‍රිකාවල මුස්ලිම් පක්ෂයක ලකුණ සහ අංකය මුද්‍රණය කර ඇති ආකාරය දැකගත හැකි බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, නියැදි ඡන්ද පත්‍රිකා තොගය නීතිමය කටයුතු සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කල්මුණේ පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?