නීතිවිරෝධීව මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

නීතිවිරෝධී අයුරින් මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා 32,000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය දේශපාලන පක්ෂ කාර්යාලයකට වාහනයකින් රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කල්මුණේ පොලිස් වසමට අයත් කාසිම් පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරුණු පක්ෂයක කාර්යාලයකට මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වුණේ.

අම්පාර දිස්ත්‍රික් මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ඡන්ද පත්‍රිකා තොගය ඊයේ (07) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ඡන්ද පත්‍රිකාවල මුස්ලිම් පක්ෂයක ලකුණ සහ අංකය මුද්‍රණය කර ඇති ආකාරය දැකගත හැකි බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, නියැදි ඡන්ද පත්‍රිකා තොගය නීතිමය කටයුතු සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කල්මුණේ පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01