නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙලෙස උපයාගත් වත්කම් යළි පවරා ගැනීම වෙනුවෙන් සිදුකරන විමර්ශන සඳහා විශේෂ පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කරන බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම විශේෂ පොලිස් කොට්ඨාසය ස්ථාපිත කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1