Empty Ad
AFC Banner
Empty Ad

නීතිය බලාත්මක කිරීම ගැන චීනය සහ අමෙරිකාව අතර එකඟතාවක්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය Wang Xiaohong මහතා ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Alejandro Mayorkas මහතා සමග සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය, ගැටලු කළමනාකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතායට අනුගත වෙමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවයන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Xiaohong මහතා එහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සහ ඒකපාර්ශ්වික සිද්ධි සඳහා වන සහයෝගිතාවය ආදී ක්ෂේත්‍රවල මේ වනවිට පැහැදිලි ප්‍රතිඵල රැසක් ළඟා කර ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සෑම මට්ටමකින්ම ඇමරිකාව සමග මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන අතර, දෙරට අතර ස්ථාවර සහ දීර්ඝකාලීන නීතිය බලාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා ප්‍රවේශ වීමට ද කැමැත්තෙන් සිටින බවට ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙහිදී ඇමරිකාව චීනයේ වැඩපිළිවෙළට සහාය දෙමින් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළා.

අවසන් වශයෙන් නීතිය බලාත්මක කිරීම පිළිබඳ ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?