නීතිය බලාත්මක කිරීම ගැන චීනය සහ අමෙරිකාව අතර එකඟතාවක්

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය Wang Xiaohong මහතා ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Alejandro Mayorkas මහතා සමග සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

අන්‍යෝන්‍ය ගෞරවය, ගැටලු කළමනාකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතායට අනුගත වෙමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවයන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Xiaohong මහතා එහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සහ ඒකපාර්ශ්වික සිද්ධි සඳහා වන සහයෝගිතාවය ආදී ක්ෂේත්‍රවල මේ වනවිට පැහැදිලි ප්‍රතිඵල රැසක් ළඟා කර ගෙන ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

චීනය සෑම මට්ටමකින්ම ඇමරිකාව සමග මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන අතර, දෙරට අතර ස්ථාවර සහ දීර්ඝකාලීන නීතිය බලාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා ප්‍රවේශ වීමට ද කැමැත්තෙන් සිටින බවට ද මෙහිදී අවධාරණය කෙරුණා.

මෙහිදී ඇමරිකාව චීනයේ වැඩපිළිවෙළට සහාය දෙමින් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළා.

අවසන් වශයෙන් නීතිය බලාත්මක කිරීම පිළිබඳ ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22