නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් මතු කරමින් පසුගිය දිනවල මෙරට තුළ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පෙබරවාරි 19 වැනිදා බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටිය දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වැනිදා අත්අඩංගුවේ සිටිය දී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම මුල් කරගනිමින්.

එම නිවේදනය මගින් නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ, අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අනීතිකව, අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කරන ඝාතන කිසිසේත්ම විසඳුමක් නොවන අතර අපරාධ මැඩපැවැත්විය හැකි වනුයේ රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට පමණක් බවයි.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන පොලිසිය මෙන්ම බන්ධනාගාර බලධාරීන් ද මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ප්‍රවේශම්සහගතව සහ උපරිම වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන බව ද නීතිඥ සංගමය අවධාරණය කරනවා.

නිසි පරීක්ෂණවලින් තොරව අතීතයේ දී ද මෙවැනිම ඝාතන සිදුව ඇති බවත්, එම ඝාතනවලට සම්බන්ධ වූ වරදකරුවන් නීතිය හමුවට පමුණුවීමට මේ වන විටත් කිසිදු අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නීතිඥ සංගමය කනගාටුවෙන් යුතු ව පවසා සිටිනවා.

ඒ අනුව, පොලිසිය ඉහත සඳහන් පුද්ගලයින් දෙදෙනා ඝාතනය වූයේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය වීමේ සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

දිගින් දිගටම මෙම පරීක්ෂණවල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගන්න බවත්, සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම සංගමයේ නිරන්තර සහයෝගය ලබා දෙන බවත් නීතිඥ සංගමය අවසාන වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?