නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් මතු කරමින් පසුගිය දිනවල මෙරට තුළ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පෙබරවාරි 19 වැනිදා බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටිය දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වැනිදා අත්අඩංගුවේ සිටිය දී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම මුල් කරගනිමින්.

එම නිවේදනය මගින් නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ, අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අනීතිකව, අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කරන ඝාතන කිසිසේත්ම විසඳුමක් නොවන අතර අපරාධ මැඩපැවැත්විය හැකි වනුයේ රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට පමණක් බවයි.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වන පොලිසිය මෙන්ම බන්ධනාගාර බලධාරීන් ද මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ප්‍රවේශම්සහගතව සහ උපරිම වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන බව ද නීතිඥ සංගමය අවධාරණය කරනවා.

නිසි පරීක්ෂණවලින් තොරව අතීතයේ දී ද මෙවැනිම ඝාතන සිදුව ඇති බවත්, එම ඝාතනවලට සම්බන්ධ වූ වරදකරුවන් නීතිය හමුවට පමුණුවීමට මේ වන විටත් කිසිදු අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නීතිඥ සංගමය කනගාටුවෙන් යුතු ව පවසා සිටිනවා.

ඒ අනුව, පොලිසිය ඉහත සඳහන් පුද්ගලයින් දෙදෙනා ඝාතනය වූයේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය වීමේ සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

දිගින් දිගටම මෙම පරීක්ෂණවල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගන්න බවත්, සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම සංගමයේ නිරන්තර සහයෝගය ලබා දෙන බවත් නීතිඥ සංගමය අවසාන වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30