නීතියක් තිබූ පමණින් එහි සහන ජනතාවට නොලැබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ සහනය ජනතාවට හිමිවන්නේ පවතින නීතිය ක්‍රියාත්මක වීමෙන් බවයි.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
නීතිය ක්‍රියාත්මකවීමේ දී පවතින ප්‍රමාදයන් හේතුවෙන් ජනතාවට යුක්තිය ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.
නීතිය ක්‍රියාත්මක කරන බවට සමාජයට දැනිය යුතු බවත්, සමාජයට ඒ බව දැනුනොත් අපරාධ වළක්වා ගැනීමට හේතුවන් වනු ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ අතර අද (20) දිනයේ දී විවෘත කළ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශයට ලැබෙන පළමු පැමිණිල්ලේ සිටම ඉතා කෙටි කාලයකින් ඒවායේ ප්‍රතිඵල සමාජයට ලබාදිය යුතු බවයි මෙහිදී පැවසුවේ.
අල්ලස, දූෂණය සහ වංචාවට වැට බැඳීමට අද විවෘත කළ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය මහඟු මෙවලමක් බවට පත්වනු ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.





