AFC Banner
Empty Ad
Empty Ad

නිවසකින් මතු වූ මත්පෙති තොගයක් සිලාවතුර පොලිසියට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව, පසුගියදා (17) සිලාවතුර, පණ්ඩරවේළි ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක දී, නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) 380ක තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ; වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, සිලාවතුර පොලිස් ස්ථානය හා එක්ව, මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම සිදු කළ බවයි.

සැක කටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කර; එම නිවස තුළ සඟවා තිබූ මත්පෙති (Pregabalin Capsules) තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා මත්පෙති තොගය සිලාවතුර පොලීසිය වෙත භාර දී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?