නිවසක් කොල්ලකෑමට ආ සැකකරුවෙකුට ක්‍රිකට් පිත්තකින් මාරාන්තික ප්‍රහාරයක්

නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට ඊයේ (09) සිදුකළ පහරදීමකදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

කඩවත, වත්තල සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ ගෙවල් බිඳුම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.අදාල පුද්ගලයාට ක්‍රිකට් පිත්තකින් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර පරීක්ෂණ වත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46