AFC Banner
AFC Banner
Empty Ad

නිල නිවසෙන් යන්න වුණොත් මගේ ගෙදර මහින්දට දෙන්න සූදානම් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල නිවසින් ඉවත් වීමට සිදු වුවහොත්; තමාගේ නිවස ඔහු වෙනුවෙන් ලබාදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ සංචාරයකට එක්වෙමින් මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

වත්මන් රජය මේ වනවිට දේශපාලන නායකයින් දඩයම් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බවත් එහි ප්‍රතිඵලයක් මත හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට හිමි නිල නිවස ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නා.

30 වසරකට එහා පැවති කුරිරු යුද්ධය නතර කිරීමට නායකත්වය ලබා දුන් ඒ මහතා යුද්ධයෙන් අනතුරුවත් රට සංවර්ධනය කරා ඔසවා තැබූ බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.

‘නූතන දුටුගැමුණු’ ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතා ව සලකන බවත්, කිසියම් අවස්ථාවක දී හිටපු ජනාධිපතිවරයා හට නිල නිවසෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඒ මහතාට අසීමිත ව ආදරය කරන ඕනෑ තරම් කෝටිපති ව්‍යාපාරිකයින්ගේ සහාය නව නිවසක් ලබා ගැනීම වෙනුවෙන් හිමිවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?