AFC Banner
AFC Banner
Empty Ad

නිල ඡන්ද පත්‍රිකා බෙදන්න ගිය තැපැල්කරුවෙක්ට ප්‍රහාරයක්

නිල ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුවෙකුට පහර දුන් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ තැපැල් කාර්යාලයට අනියුක්තව රාජකාරීකරන තැපැල්කරුවෙකුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වුණේ.

කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පහරදීම සිදුකළ පුද්ගලයා කළුතර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙක්.

කතාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, තැපැල්කරු රෝහල් ගතව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?