AFC Banner
Empty Ad
Empty Ad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද – නොවරදවාම ගෙදර ඉන්න

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව අද (08) පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස බෙදාහැරෙන ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගැනීමට නිවෙස්වල රැඳී සිටින ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඡන්ද දායකයින්ට දැනුම් දෙන්නේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර, මේ වනවිට ලක්ෂ 30කට වැඩි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?