නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද – නොවරදවාම ගෙදර ඉන්න

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව අද (08) පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවයින පුරා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස බෙදාහැරෙන ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගැනීමට නිවෙස්වල රැඳී සිටින ලෙසයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ඡන්ද දායකයින්ට දැනුම් දෙන්නේ.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වූ අතර, මේ වනවිට ලක්ෂ 30කට වැඩි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48