නිල්වලා සහ ගිං සුළු ගංවතුර මට්ටමට – නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින වර්ෂාපතනයත් සමඟ නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබෙනවා.

අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා පැන වූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, කන්ඳකැටිය, හාලිඇළ, හපුතලේ, මීගහකිවුල, ඌවපරණගම, බදුල්ල සහ සොරෙණාතොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03