AFC Banner
Empty Ad
Empty Ad

නිලන්ත ජයවර්ධනට නොතීසි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (27) නියෝග කළා.

පාස්කු ප්‍රහාරයට අදාළව අධිකරණ විසින් නියෝගකර තිබූ 750ක වන්දි මුදලින් ගෙවා ඇත්තේ ලක්ෂ 100ක මුදලක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව අධිකරණය විසින් ලබාදී තිබූ නියෝග ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් අධිකරණයට අපහාස කිරීමේ සම්බන්ධව චෝදනා කෙටුම්පතක් ද අද අධිකරණය හමුවේ යොමුකරනු ලැබුවා.

එම චෝදනා කෙටුම්පත ලබන 07 වනදා කැඳවීමට දින නියම කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?