නිලකුණු පන්දුවාර 05ක් තුළ කඩුලු 09ක් දවාගත් මිහින්තලේ ක්‍රිකට් පොඩ්ඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වනු ලබන වයස අවුරුදු 13න් පහළ 2024 වර්ෂයට නියමිත ක්‍රිකට් තරගාවලියේ දී අනුරාධපුර – මිහින්තලා මහ විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අංජන අබේකෝන් සිසුවා පන්දු යැවීමේ දී දැක්වූ විශිෂ්ටතම කුසලතාවක් පිළිබඳව තොරතුරු දසත ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වී තිබෙනවා.

ඒ එම ක්‍රීඩකයා සිය පන්දුවාර 05 තුළ දී කිසිදු ලකුණක් ප්‍රතිවාදීන්ට ලබා නොදී කඩුලු 09ක් ම බිඳ දැමීමට සමත් වීමය.

අංජන සිසුවා මෙම දක්ෂතාව නොච්චයාගම විද්‍යාර්ථ මහා විද්‍යාලයට එරෙහිව සිදු කරනු ලැබුවා.

එමෙන්ම ඔහු සිය පිතිකරණයෙන් ද ලකුණු 65ක් එම ඉනිමේ දී ලබා ගැනීමට සමත් වූ බවත් වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්වලට අවශ්‍ය වන දක්ෂ ක්‍රීඩකයින් ගම්බද පාසල්වල සිටින බවත් ඔවුන්ට නිසි තාක්ෂණික පුහුණුව ලබා දී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යොදා ගැනීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළක් සකසන්නේ නම් වඩාත් සතුටුදායක විය හැකි බවයි මිහින්තලේ මහා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්‍යවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
0
+1
10
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58