නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව මත්තේගොඩ පොලීසිය පවසනවා.

සිය නිවස පිටුපස කොස් ගසක ගෙල වැළලාගෙන මොහු දිවි නසාගෙන ඇත්තේ පෙරේදා (11) දිනයේ යි.

පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. 

පසුගිය අලුත් අවුරුදු සමයේ දී මොහු බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර මෙම පුද්ගලයා සතුව රියැදුරු බලපත‍්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔහු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී රුපියල් 50,000ක දඩ මුදලක් නියම වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම මුදල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම පුද්ගලයාට බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා.

පසුගිය 04 වැනි දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමග නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණු අතර ඔහු සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූයේ එම නිරෝදායන කාලය අතරතුර යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා.

සිරුරෙහි PCR පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ඇතුළේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට වෙර දැරීමක්..මොන හේතුවකටවත් ජනතාව බෙදෙන්න එපා
03:57
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට අද රෑට වෙන්න යන දේ මෙන්න..කාලගුණය නොසිතූ පැත්තකට හැරෙයි?
04:32
Video thumbnail
NPP එකේ උණුසුම මැද්දේ විපක්ෂයත් මතුගම උණුසුම් කරයි.."තමුන්ලගේ විපරිත ආශාවන් කාමරේ කරගන්න"
09:37
Video thumbnail
මතුගම උණුසුම තවත් වැඩිවෙයි..කොට්ටහච්චි ලොරියකට නැගලා විපක්ෂයේ රෙදි ගැ#වෙන්නම දෙසයි
12:18
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32


?