නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව මත්තේගොඩ පොලීසිය පවසනවා.

සිය නිවස පිටුපස කොස් ගසක ගෙල වැළලාගෙන මොහු දිවි නසාගෙන ඇත්තේ පෙරේදා (11) දිනයේ යි.

පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. 

පසුගිය අලුත් අවුරුදු සමයේ දී මොහු බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර මෙම පුද්ගලයා සතුව රියැදුරු බලපත‍්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔහු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී රුපියල් 50,000ක දඩ මුදලක් නියම වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම මුදල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම පුද්ගලයාට බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා.

පසුගිය 04 වැනි දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමග නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණු අතර ඔහු සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූයේ එම නිරෝදායන කාලය අතරතුර යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා.

සිරුරෙහි PCR පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34