නිරූපිකාවකට වසර හයක සිරදඬුවමක්

මියන්මාර නිරූපන ශිල්පිනියකට හමුදා අධිකරණයක් විසින් වසර හයක සිර දඬුවමක් ලබා දී තිබෙනවා.ඒ වැඩිහිටි වෙබ් අඩවියක් වන OnlyFans හි ඡායාරූප පළ කිරීම හේතුවෙන්.

මෙම සිර දඬුවම ලබා දී ඇත්තේ නිරූපිකාවක් සහ හිටපු වෛද්‍යවරියක් වන Nang Mwe San හට වන අතර “සංස්කෘතියට සහ ගෞරවයට හානි කිරීම”ඇයට එල්ලවෙන චෝදනාවයි.

මියන්මාර හමුදාවට එරෙහි විරෝධතාවලට ද ඇය මීට පෙර සහභාගී වී ඇති බවද වාර්තා වනවා.

විරෝධතාවලට සහභාගී වූ ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ තවත් නිරූපිකාවක් ද එම නීතිය යටතේ ම අගෝස්තු මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?