නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජයගන්නවා – චීනය කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථිර නායකත්වය යටතේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමූහික සහයෝගය ඇතිව, නිර්භීත ශ්‍රී ලාංකික ජනතාව නිසැකවම ව්‍යසනය ජයගනු ඇති බව චීනය පවසනවා.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ චීන රතු කුරුස සංගමය විසින් ශ්‍රී ලංකා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් ලබා දී ඇති බවයි.

සහන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලය සහ විදේශ චීන සංගමය, බලපෑමට ලක් වූ ප්‍රදේශවලට සහාය වීම සඳහා සාමූහිකව රුපියල් මිලියන 10ක් රැස් කරමින් පරිත්‍යාග ව්‍යාපාර දියත් කර තිබෙනවා.

ඊට අමතරව චීන රජයේ හදිසි ආධාර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?