නියෝජ්‍ය පොලිස්පතිගේ වට්ස්ඇප් ගිණුම නයිජීරියානු ජාතිකයෙක්ට අලෙවි කරලා

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වට්ස්ඇප් අංකයක් අවභාවිතා කරමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හිතවතුන්ගෙන් වංචා සහගත ලෙස ලක්‍ෂ 4කට ආසන්න මුදලක් ලබා ගත් බව කියන අඹු සැමි යුවලක් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(19) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා වට්ස්ඇප් හරහා ගිණුම් සාදා නයිජීරියානු ජාතිකයෙකුට විකුණා ඇති බවයි.

එම නයිජීරියානි ජාතිකයා විසින් මීට පෙරද වට්ස්ඇප් හරහා ගිණුම් හැක් කිරීම සම්බන්ධයෙන් නඩු මෙම අධිකරණයේ පවතින බවත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ නයිජීරියානු ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුට ගන්නා ලෙස නියෝග කරමින් අඹුසැමි යුවළට ඇප ලබා දීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?