නියෝජ්‍ය පොලිස්පතිගේ වට්ස්ඇප් ගිණුම නයිජීරියානු ජාතිකයෙක්ට අලෙවි කරලා

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ වට්ස්ඇප් අංකයක් අවභාවිතා කරමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හිතවතුන්ගෙන් වංචා සහගත ලෙස ලක්‍ෂ 4කට ආසන්න මුදලක් ලබා ගත් බව කියන අඹු සැමි යුවලක් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(19) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා වට්ස්ඇප් හරහා ගිණුම් සාදා නයිජීරියානු ජාතිකයෙකුට විකුණා ඇති බවයි.

එම නයිජීරියානි ජාතිකයා විසින් මීට පෙරද වට්ස්ඇප් හරහා ගිණුම් හැක් කිරීම සම්බන්ධයෙන් නඩු මෙම අධිකරණයේ පවතින බවත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ නයිජීරියානු ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුට ගන්නා ලෙස නියෝග කරමින් අඹුසැමි යුවළට ඇප ලබා දීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57