නියෝජ්‍ය ඇමති නලීන් හේවගේ කියූ පචයක් ගැන කැබිනට්ටුවේ දී එළියට ආ හැටි

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් පසුගිය දිනක ජාතික ජන බලවේගය රජය බලයට පත්වන විට භාණ්ඩාගාරය සතුව ඩොලර් මිලියන 20 ක් පමණක් තිබූ බවත්, එතැන් සිට නව රජය සංචිත ඩොලර් බිලියන 6.19 දක්වා වැඩි කළ බවත් පවසා සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ, පළාත් පාළන මැතිවරණයට පෙර ගාල්ලේ පැවති මහජන රැලියක් අමතමින්.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේ දී (අප්‍රේල් 07) ප්‍රකාශ කළේ 2024 සැප්තැම්බර් සිට 2025 මාර්තු දක්වා මහ බැංකුව විසින් සත්‍යාපනය කරන ලද නිල සංඛ්‍යාලේඛන හෙළි කරන බවයි.

ඒ අනුව එලෙස හෙළිදරව් කළ සංඛ්‍යාලේඛන පහත දැක්වේ.

•⁠ 2024 සැප්තැම්බර්: ඩොලර් බිලියන 5.99
•⁠ 2024 ඔක්තෝබර්: ඩොලර් බිලියන 6.47
•⁠ 2024 නොවැම්බර්: ඩොලර් බිලියන 6.45
•⁠ 2024 දෙසැම්බර්: ඩොලර් බිලියන 6.12
•⁠ 2025 ජනවාරි: ඩොලර් බිලියන 6.06
•⁠ 2025 පෙබරවාරි: ඩොලර් බිලියන 6.08
•⁠ 2025 මාර්තු: ඩොලර් බිලියන 6.51

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කිසියම් දෝෂයක් සිදු වී ඇත්නම්, මහ බැංකුව විසින් නිකුත් කරන ලද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිගත යුතු බව ඉල්ලා සිටින බවයි.

මේ අනුව පෙනී යන්නේ මැතිවරණ කාල සීමාවේ දී මන්ත්‍රී නලීන් හේවගේ දැන හෝ නොදැන රටේ භාණ්ඩාගරය ගැන සිදු කර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?