AFC Banner
AFC Banner
Empty Ad

නියං, ගංවතුර ආවත් රට තුළ සහල් හිඟයක් නැහැ – කෘෂි ඇමති

යල කන්නයේ දී සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බැවින් නියඟය සහ ගංවතුර පැමිණිය ද රට තුළ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකරම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව කිසිඳු අවස්ථාවක සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර කන්නයේ දී ගොවියා තුළ විශ්වාසය ඇතිවන පරිදි පොහොර ඇතුළු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මහ කන්නය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවෙි ඤාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීමෙන් අනතුරුව ඉදිරි මහ කන්නය හා කෘෂිකර්ම සැලැස්ම පිළිබඳව නා හිමිවරුන්ව දැනුවත් කිරීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ.

ප්‍රමිතියෙන් තොර බීජ ආනයනය කරන සමාගම් අසාදුලේඛන ගත කිරීමට කටයුතු කරන බවත්, මෙවර අයවැයේ දී ගොවියාට සහ රාජ්‍ය සේවකයින්ට සාධාරණයක් වන ආකාරයට සහන සැලසීම පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?