නියං, ගංවතුර ආවත් රට තුළ සහල් හිඟයක් නැහැ – කෘෂි ඇමති

යල කන්නයේ දී සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බැවින් නියඟය සහ ගංවතුර පැමිණිය ද රට තුළ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකරම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව කිසිඳු අවස්ථාවක සහල් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර කන්නයේ දී ගොවියා තුළ විශ්වාසය ඇතිවන පරිදි පොහොර ඇතුළු පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මහ කන්නය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවෙි ඤාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගනු ලැබීමෙන් අනතුරුව ඉදිරි මහ කන්නය හා කෘෂිකර්ම සැලැස්ම පිළිබඳව නා හිමිවරුන්ව දැනුවත් කිරීමටයි අමාත්‍යවරයා කටයුතු කළේ.

ප්‍රමිතියෙන් තොර බීජ ආනයනය කරන සමාගම් අසාදුලේඛන ගත කිරීමට කටයුතු කරන බවත්, මෙවර අයවැයේ දී ගොවියාට සහ රාජ්‍ය සේවකයින්ට සාධාරණයක් වන ආකාරයට සහන සැලසීම පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

  1. DEGREE THIYENA GODAK UNTA PRAYOGIKA DANUMA MOLAYA NAHE. POTHENMA THAMAYI HITHANNE. YAKO DAN THIYENA USWENNA BALALA NE OKA KIYANNE. IDIRI WAGAWATA SELASUM KARALA ONA DEWAL GENNAA WAGA HANI GOVINTA WANDHI DEELA DHA OKA KIYANNE? GONA UNATA UMBEEEEEE KIYANNA EPA BAN



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36