AFC Banner
AFC Banner
Empty Ad

නිමල් ගැන සොයන්න ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ දී ජපාන සමාගමකින් අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරණු ලබන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින්.

ඊට අමතරව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරා එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

තමන්ට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වුණා.

ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ලබන 31 වනදාට පෙර ජනාධිපතිවරයාට භාරදිය යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?