AFC Banner
Empty Ad
Empty Ad

නිධානයක් ගොඩගනිමින් සිටි හිමිනමක් ඇතුළු හතරක් STF අත්අඩංගුවට (ඡායාරූප)

නිධානයක් ගොඩගැනීමට සූදානම් වූ හිමි නමක් ඇතුළු සිව්දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) හොරොව්පතාන පොලිස් වසමේ මොරවැව ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු හිමිනම අම්බලන්ගොඩ මාතිත්තිය පිරිවෙනේ හිමිනමක් වන අතර, අනෙක් සැකකරුවන් හොරොව්පතාන, මොරවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔවුන් 23 සහ 42 යන වයස්වල පසුවන අය වන අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙහිදී කැණීම් සඳහා යොදාගන්නා ලද උපකරණ හා පූජා භාණ්ඩ ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Image 2024 07 17 at 7.31.44 AM
WhatsApp Image 2024 07 17 at 7.31.43 AM 1
WhatsApp Image 2024 07 17 at 7.31.43 AM
WhatsApp Image 2024 07 17 at 7.31.42 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
26
+1
4
+1
6
+1
5
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?