නිධන් හෑරූ කාන්තාවන් 4ක් අත්අඩංගුවට

කිරිවත්තුඩුව ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් 4දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ සිට පුද්ගලයෙකු අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව මෙම පිරිස නිධානය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාරියන් අතර අදාළ නිවෙස් හිමි 76 හැවිරිදි කාන්තාවක්, 20 හැවිරිදි තරුණියක් මෙන්ම “මෑනි” යනුවෙන් හඳුන්වන කාන්තාවක් ද වන බව ද සඳහන්.

නිවස ඉදිරිපිට ළිඳ තුළ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා ඔවුන් පනාගොඩ ප්‍රදේශයේ දේවාලයකට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බවට මෑනි යනුවෙන් හඳුන්වනු ලබන කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව ඊයේ (03) දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත්තේ නිධානය ලබාගැනීම සඳහා මෑණි යනුවෙන් හැඳින්වෙන කාන්තාව අඳුන බලමින් පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.

අත්දන්ගුවට ගත් සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
2
+1
1
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29