spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධන් හෑරූ කාන්තාවන් 4ක් අත්අඩංගුවට

කිරිවත්තුඩුව ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් 4දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ සිට පුද්ගලයෙකු අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව මෙම පිරිස නිධානය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාරියන් අතර අදාළ නිවෙස් හිමි 76 හැවිරිදි කාන්තාවක්, 20 හැවිරිදි තරුණියක් මෙන්ම “මෑනි” යනුවෙන් හඳුන්වන කාන්තාවක් ද වන බව ද සඳහන්.

නිවස ඉදිරිපිට ළිඳ තුළ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා ඔවුන් පනාගොඩ ප්‍රදේශයේ දේවාලයකට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බවට මෑනි යනුවෙන් හඳුන්වනු ලබන කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව ඊයේ (03) දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත්තේ නිධානය ලබාගැනීම සඳහා මෑණි යනුවෙන් හැඳින්වෙන කාන්තාව අඳුන බලමින් පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.

අත්දන්ගුවට ගත් සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
5
+1
2
+1
1
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?