AFC Banner
AFC Banner
Empty Ad

නිධන් සොයා කැණීම් කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට

බුලත්සිංහල දෙහිගහවෙල ප්‍රදේශයේදී නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි තරුණයන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්සිංහල පොලිසිය ඊයේ කළ වැටලීමකදීයි මෙම සැකකරුවන් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබුවේ.

අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන මෙම පුද්ගලයන් මතුගම සහ කොබවක ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

මේ අතර නෝර්වුඩ් ප්‍රදේශයේ වතු යායකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණ සමග ඊයේ අත්අඩංගුවට ගැණුනා.

43 හැවිරිදි සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුට ලබන 10 වනදා හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ පෙනී සිටින ලෙසට දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?