නිධන් සොයා කැණීම් කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට

බුලත්සිංහල දෙහිගහවෙල ප්‍රදේශයේදී නිධන් වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි තරුණයන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුලත්සිංහල පොලිසිය ඊයේ කළ වැටලීමකදීයි මෙම සැකකරුවන් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබුවේ.

අවුරුදු 21, 23 සහ 24 වයස්වල පසුවන මෙම පුද්ගලයන් මතුගම සහ කොබවක ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

මේ අතර නෝර්වුඩ් ප්‍රදේශයේ වතු යායකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණ සමග ඊයේ අත්අඩංගුවට ගැණුනා.

43 හැවිරිදි සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුට ලබන 10 වනදා හැටන් මහේස්ත්‍රාත් අධීකරණයේ පෙනී සිටින ලෙසට දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48