නිදහස් වෙළඳ සාකච්ඡා හා ජාත්‍යන්තර වෙළඳාම ගැන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්වීමට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවෙහි නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (05) පැවැත් වුණා.

රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටියා.

නිදහස් වෙළෙඳ සාකච්ඡා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම සමඟ වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

අන්තර්ජාතික වෙළෙඳ කටයුතු පුළුල් කිරීමට සමගාමීව තවදුරටත් එම තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක්වීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

අපනයන සහ අපනයනාභිමුඛ සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සදහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත
පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළෙහි මූලිකාංගයක් වනවා.

ඒ, අනුව ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරම විශාල හා නැඟී එන ආර්ථිකයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය මේ වනවිට යෙදී සිටිනවා.

ඒ, වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, විශාල සෘජු විදේශ ආයෝජන හා අපනයන විභවතාවයක් මෙන්ම ආර්ථික අර්බුදය හේතුවෙන් අඩපණ වී ඇති දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය ප්‍රාග්ධන යෙදවුම්, අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ අඩු වියදමකින් ලබාගත හැකි ක්‍රමෝපායික වශයෙන් වැදගත් ඉන්දියාව, චීනය හා තායිලන්තය සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි පණ ගැන්වීම මෙම කමිටුවෙහි ප්‍රධානම කාර්යය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10