නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 64 කින් ආසාදිතයින් 2417ක්

ගත වු දිනයේදි නව ආසාදිතයින් 2,976 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ 7,254 දක්වා ඉහළ ගියා.   

ඊයේ (06) දිනයේදි තවත් කොරෝනා ආසාදිතයින් 1172 නෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 67,304 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර විදෙස් ගතව සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෙඛ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ (06) නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය ලබා දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් දින 14 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්විය හැකියි.

ඒ සඳහා ඔවුන් සතු නිවහනක් ශ්‍රී ලංකාවේ තිබිය යුතු අතර, අනුමත කොරෝනා එන්නත් මාත්‍රා දෙකම දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර ලබාසිටිය යුතුයි.

කෙසේ නමුත් ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකානු හෝ දකුණු ඇමරිකානු රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හෝ ද්විත්ව පුරවැසියන් එලෙස නිවෙස් තුළ නිරෝධායන වීමේ රෙගුලාසිය වලංගු වන්නේ නැහැ.

දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ම ඊට පෙර කොරෝනා පරීක්ෂණයකින් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබිය යුතුයි.

කටුනායක ප්‍රදේශයේ ආසාදිතයින් 62 දෙනෙකු ඊයේ හදුනා ගෙන ඇති අතර ඉන් 42 දෙනෙකු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වනවා.

මේ දක්වා කාල සිමාව තුළ කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් කර්මාන්ත ශාලා 64 තුළින් හදුනා ගෙන ඇති ආසාදිතයින් ගණන 2417 ක්.මේ අතර නිරෝධායන නීති උල්ලංණය කළ තවත් 913 දෙනෙකු ගතවූ පැය විසි හතර තුළ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09